Thursday, 22 September 2011

නුඹ යළිත් මගේ ළඟ...

හමුවුනේ නුඹව මට
සසර දිග පුරුද්දටද...
හිත බැඳුනෙ නුඹ වෙතම
ඇසිල්ලෙන් ඒ නිසාද...
ළං වුනේ නුඹෙ හදට
අවංක ප්‍රේමෙන් නොවෙද...
බිඳී ගිය නමුත් පෙම
නුඹ යළිත් මගේ ළඟ...

ආදරෙයි ඉතින් මම
විශ්වයක් තරමකට...
ළඟ ඉන්න හැමදාම
දුක් දෙන්නෙ නෑ නුඹට...
නුඹ තුටින් සිටීමයි
සත්තකින් මගෙ සතුට...
ප්‍රෙමයෙන් බැඳෙමු අපි
යළිත් වෙන් නොවන්නට...

2 comments:

  1. හ්ම්ම්.. කාලෙකට පස්සේ එන්න ලැබුනේ මේ පැත්තේ.අද මගේ බ්ලොග් එකේ දැම්ම කමෙන්ට් ඒකත් එක්ක ආයෙත් මතකේ අලුත් උනේ.මට මතක විදියට මේ බ්ලොග් එකේ මුල්ම කමෙන්ට් එක දැම්මේ මන්ද කොහෙද... කෝ ඉතින් කවි විතරක් ලියල බේරෙන්නද හදන්නේ.පුංචියට හරි වෙන දේකුත් පටන් ගන්න.මාතෘකාවක් අරන් පොඩ්ඩක් ලියල බලන්න.හරි යන්න හරි වරදින්න හරි ලියල බලන්න එපැයි.මේ බ්ලොග් අවකාශේ කවි විතරක් තියන තවත් බ්ලොග් එකක් කරන්න එපා යාලු මේ බ්ලොග් එක.ජය වේවා !!!

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි සිහින.. කවි විතරක් ලියන්න නෙමෙයි අදහස තියෙන්නෙ නම්.. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ. බලමුකෝ... හිමීට ලියන්නම්.

    ReplyDelete