බිහි කර ලොවට මා ආදරයෙන් හැදුවා
රුධිරය නුඹේ කිරි කොට මා හට පෙව්වා
පෙම්බර මව්නි නුඹ හට මහිමය වෙම්වා
පින්බර නුඹේ මුදු සෙනෙහස සිහිලැල්
සිහිවෙන විටදි නෙතගට මතු වෙයි කඳුළැල්
උණුසුම සොයාගෙන මව් උකුලේ සුරතල්
එන්නට හිතයි එක පිම්මට සේ පවනැල්
හිත් පිත් නොමැති මිනිසුන් මා වට කර
වියරු ලෙසින් හැසිරෙයි ලෙස රුදු කතර
නපුරුයි අම්මෙ දරුණුයි මේ වැලි කතර
සිහිවෙයි නුඹේ ප්‍රේමය කඳුළැල් අතර
නුඹගේ සෙනෙහෙ කොතරම් නම් සවුමියද
ලෝ අන් යමක් ඒ වෙත සම කළ හැකිද
සිහිනෙන් පවා සිහිවෙයි ඔය ගුණ සුවඳ
නුඹෙ උණුහුමට ගුලි වෙන්නේ කවදාද
ලස්සණ යි. සියලු මවුවරුනට උපහාරයක් ම වේවා!
ReplyDelete