Thursday 22 September 2011

නුඹ යළිත් මගේ ළඟ...

හමුවුනේ නුඹව මට
සසර දිග පුරුද්දටද...
හිත බැඳුනෙ නුඹ වෙතම
ඇසිල්ලෙන් ඒ නිසාද...
ළං වුනේ නුඹෙ හදට
අවංක ප්‍රේමෙන් නොවෙද...
බිඳී ගිය නමුත් පෙම
නුඹ යළිත් මගේ ළඟ...

ආදරෙයි ඉතින් මම
විශ්වයක් තරමකට...
ළඟ ඉන්න හැමදාම
දුක් දෙන්නෙ නෑ නුඹට...
නුඹ තුටින් සිටීමයි
සත්තකින් මගෙ සතුට...
ප්‍රෙමයෙන් බැඳෙමු අපි
යළිත් වෙන් නොවන්නට...

මතකද...?

මතකද ඒ හැන්දෑවේ
ප්‍රේමයේ සිසිල සෙනෙහස
විඳගත්ත අපූරුව...
උණුහුමට ළං කරන්
නුඹෙ ළැමට
ගෙවූ ඒ සොඳුරු දිනය
සත්තකින් සිහිනයක්...

Friday 9 September 2011

සදාකල් නුඹ මගේ...!


හදවතේ පතුළටම
බැස ගත්තු බැල්ම රැඳි
ඔය රවුම් ඇස් මගේ......
සීතලම සීතලට
දෙතොල් මගෙ සිප ගත්ත
සිසිල් තොල් පෙති මගේ......
සීතලම රැයේදිත්
උණුහුමින් පිරී ගිය
සෙනෙහෙවන්ත ළැම මගේ.......
හිමි නැතත් මා නුඹට
මටම ආදරේ වෙන
සදාකල් නුඹ මගේ නුඹ මගේ..........!!

රිද්දන්න එපා හිත...

විශ්වයක් තරම් මට
ආදරේ වුනේ ඇයි..
රිදෙනවා මගේ හිත
පුංචීම දේකටත්..
කඳුළුනම් එපා මට
උහුලන්න බෑ ඉතින්..
නුඹ තමයි ජීවයම
රත්තරනෙ සත්තකින්..

රිද්දන්න එපා හිත
හඬනවා මං මුළු රෑම..
දැවෙනවා මං දිවා රෑ
හැරදමා නුඹ යාද..
අහිමි වී ගියෝතින්
දඟකාර ආදරය..
ලෝකයම සතු වුවද
මට එයින් පළක් නැත..

Friday 22 July 2011

සමාවෙන්න මගෙ තාත්තෙ..

පුංචිම පුංචි දවස් වල
මම කරපු දඟකාරකම් වලට
කට කොණින් සිනා වී නුඹ
මගේ හිස අතගාපු හැටි
මතකයි මට මගෙ තාත්තෙ...
පාසල් ගොස් මා එනතුරු
මග බලාන සිටියෙ නුඹ
මගෙ ජයග්‍රහණ දැක
ආඩම්බරව හිනැහුණෙ නුඹ
මතකයි මගෙ තාත්තෙ...
හිතුවක්කාර යව්වනියට
අවවාද දුන්න මුත්
නොතකා ඇය ගිය ගමනෙදි
මාලිගා කඩන් වැටී ඈ හඬනකොට
දුක හිතුනිද නුඹට මගෙ තාත්තෙ...
නුඹ දුන්නු ඔවදන් වල අරුත
වැටහෙන්නෙ මට අදයි
හිතුවක්කාරියක ලෙස එදා
නුඹ වෙතට කඳුළු ගෙන්නුවට
සමාවෙන්න මට අද
මගෙ රත්තරන් තාත්තෙ...

Saturday 16 July 2011

මගෙ සුදු අම්මේ...

දස මසක් මා නුඹේ කුස හොවා
බිහි කළා මා ලොවට...
ඇඟේ ලේ කිරි කර පොවා
මා ඇති දැඩි කළා නුඹ...
මා රැක ගත්තෙ නුඹ
ණුඹේ පණ දෙවැනි කොට...........
නුඹේ සෙනෙහස තරම්
අමිල උත්තරීතර සෙනෙහසක්
මේ මිහිපිටම නැත...
සීමා මායිම් නොමැත
නුඹෙ ඒ සෙනෙහසට...
මේ ලොවේ මා කොතැනක වූවද,
නුඹේ අත ගැටෙන මානයක,
නොසිටියද...
නුඹේ උත්තරීතර සෙනෙහස
රකියි මා යනෙන හැමතැනම
මගෙ ළඟම හිඳ...
ඉතින් මං ආදරෙයි
මගෙ සුදු අම්මේ නුඹට...

Monday 4 July 2011

අවසරයි...

හිරු මිලිනව සඳු බැස ගොස්
ලොවම මගෙ අඳුරු වී
හිස් අහස් කුස මෙන්ම
මගේ ලොව හිස් වෙලා...
තිබුණු මගෙ ලෝකයට
ආවෙ නුඹ හිරු වෙලා
අවසරයි ළඟ ඉන්න
නුඹෙ ළඟින් මිය යන තුරා...

පායන්න හැමදාම
මගෙ ලොවට එළිය දී
නොයනු බැස කිසි දිනක
මා අඳුරෙ ගිල්ලවා...
ළඟින් ඉන්නට නැතත්
නුඹෙ හුස්ම පොද වෙලා
සිතින් මම නුඹ ළඟයි
දෙනෙත් පියවෙන තුරා...

Sunday 3 July 2011

සංසාරෙ පුරාවට.....

ඇඟ හිරි ගඩු පිපෙන
සීතලම රාත්‍රියක
පපුතුරට නුඹෙ හිස තියන්
ගී පද වැල් මුමුණන්නට....
උණුසුමට නුඹෙ ගුලි වී ගෙන
පුංචි ළදැරියක ලෙස
ආදරයේ බොළඳ වදන්
සිහින් සරින් මුමුණන්නට....
නුඹේ ඇසිපිය වැටෙන
පුංචිම පුංචි නිමේශෙක
සිහින් සිනිඳු හාද්දක්
ඔය කොපුල් මත තියන්නට....
එනතුරාම දවසක්
ඇඟිළි ගනිමින් හිඳින්නද මං
සංසාරෙ පුරාවට.....

Friday 1 July 2011

සිකුරු තරුව නුඹ...

පුරා සඳ ළඟම...
සඳේ තනියට ළඟින් ඉන්නා
සිකුරු තරුව නුඹ...
නොයන් නුඹ දුර ඈත...
හිඳින්න සඳ ළඟම
දිලිසි දිලිසී හැම රෑම...
සඳට පෙනෙන මානයේම....