දස මසක් මා නුඹේ කුස හොවා
බිහි කළා මා ලොවට...
ඇඟේ ලේ කිරි කර පොවා
මා ඇති දැඩි කළා නුඹ...
මා රැක ගත්තෙ නුඹ
ණුඹේ පණ දෙවැනි කොට...........
නුඹේ සෙනෙහස තරම්
අමිල උත්තරීතර සෙනෙහසක්
මේ මිහිපිටම නැත...
සීමා මායිම් නොමැත
නුඹෙ ඒ සෙනෙහසට...
මේ ලොවේ මා කොතැනක වූවද,
නුඹේ අත ගැටෙන මානයක,
නොසිටියද...
නුඹේ උත්තරීතර සෙනෙහස
රකියි මා යනෙන හැමතැනම
මගෙ ළඟම හිඳ...
ඉතින් මං ආදරෙයි
මගෙ සුදු අම්මේ නුඹට...
හිරු විකසිත වි මිය යන පොලවේ
ReplyDeleteඑළිය අදුර සමසමව බෙදයි
ගත පණනල වන් රුධිරය මව්ගේ
කිරට හැරි කුස ගිනි දුරලයි
ම්..අම්මගේ ගුණ කියලා නිම කරන්න බෑ
කවි හරිම ලස්සනයි ඉදිරියටත් කරගෙන
යන්න සුභ ප්‍රර්තනා කරනවා !!!
ගොඩාක් ස්තූතියි මල්ලියෝ......:)
ReplyDelete