Thursday 22 September 2011

නුඹ යළිත් මගේ ළඟ...

හමුවුනේ නුඹව මට
සසර දිග පුරුද්දටද...
හිත බැඳුනෙ නුඹ වෙතම
ඇසිල්ලෙන් ඒ නිසාද...
ළං වුනේ නුඹෙ හදට
අවංක ප්‍රේමෙන් නොවෙද...
බිඳී ගිය නමුත් පෙම
නුඹ යළිත් මගේ ළඟ...

ආදරෙයි ඉතින් මම
විශ්වයක් තරමකට...
ළඟ ඉන්න හැමදාම
දුක් දෙන්නෙ නෑ නුඹට...
නුඹ තුටින් සිටීමයි
සත්තකින් මගෙ සතුට...
ප්‍රෙමයෙන් බැඳෙමු අපි
යළිත් වෙන් නොවන්නට...

මතකද...?

මතකද ඒ හැන්දෑවේ
ප්‍රේමයේ සිසිල සෙනෙහස
විඳගත්ත අපූරුව...
උණුහුමට ළං කරන්
නුඹෙ ළැමට
ගෙවූ ඒ සොඳුරු දිනය
සත්තකින් සිහිනයක්...

Friday 9 September 2011

සදාකල් නුඹ මගේ...!


හදවතේ පතුළටම
බැස ගත්තු බැල්ම රැඳි
ඔය රවුම් ඇස් මගේ......
සීතලම සීතලට
දෙතොල් මගෙ සිප ගත්ත
සිසිල් තොල් පෙති මගේ......
සීතලම රැයේදිත්
උණුහුමින් පිරී ගිය
සෙනෙහෙවන්ත ළැම මගේ.......
හිමි නැතත් මා නුඹට
මටම ආදරේ වෙන
සදාකල් නුඹ මගේ නුඹ මගේ..........!!

රිද්දන්න එපා හිත...

විශ්වයක් තරම් මට
ආදරේ වුනේ ඇයි..
රිදෙනවා මගේ හිත
පුංචීම දේකටත්..
කඳුළුනම් එපා මට
උහුලන්න බෑ ඉතින්..
නුඹ තමයි ජීවයම
රත්තරනෙ සත්තකින්..

රිද්දන්න එපා හිත
හඬනවා මං මුළු රෑම..
දැවෙනවා මං දිවා රෑ
හැරදමා නුඹ යාද..
අහිමි වී ගියෝතින්
දඟකාර ආදරය..
ලෝකයම සතු වුවද
මට එයින් පළක් නැත..