Thursday 21 November 2013

වහිනවෝ...

මම ඉතින් ඉන්නෙ මැදපෙරදිගනෙ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වල. ලංකාවෙ සබරගමු පළාතට නිතරම වහිනව උනාට මෙහෙට වහින්නෙ අවුරුද්දකට දවසයි දෙකයි. මම ලංකාවෙ සබරගමු පළාතෙ හින්දා වැස්ස එපා වෙලානෙ ඉතින් ඉන්නෙ. ඒ වුනාට සෙල්සියස් අංශක පනහටත් වඩා උෂ්ණත්වය ඉහළ නගින කොට අනේ වහිනවනම් කියලා හිතෙනවා. ලංකාවෙ ඉද්දි වැස්ස එපා වුනාට වැස්සෙ තෙමෙන්නත් හරි ආසයි. පොඩි කාළෙ වැස්සෙ මඩ වලවල් වල උඩ පැනපු හැටි මට ඔන්න අදත් මතක් වුනා.

අද අපිට වහිනවා. තෙමෙන්න විදියක්නම් නෑ ඉතින් වැඩ කරන්න එපායැ.අපිට මේ වහින්නෙ පහුවුනු පෙබරවාරි වල වැස්සට පස්සෙ විතර. සතියක් තිස්සෙ නිව්ස් වලට කියනවා අද වහිනවා හෙට වහිනවා කියලා. ඊයෙ නිව්ස් වලට කිව්වලු සිකුරාදා තමයි ඩුබායි වලට වහින්නෙ කියලා. ඒත් අනේ මංදා ඔන්න අද උදේ ඉඳන් වහිනවා. මෙහෙට වැහැපුවම ඉතින් සදා අනාතයි. වැඩිය වහින්නෙ නැති රටවල්  නිසා වතුර බහින විදියට පොළොව හදලා නෑනෙ. පොඩ්ඩක් වැස්සත් වතුර පිරිලා පිටාර ගලනවා. පාරවල් යට වෙනවා. මේ රටවල් කාන්තාර නිසා ඉස්සරනම් වහින්නෙම නැතිලු. ඒත් දැන් ටිකක් වෙනස්. මොකද රටවල් ජනාකීර්ණ වෙලා වටපිටේ ලස්සන කරන්න දැන් ගොඩක් ගස් වැල් වවලනෙ. ඒක නිසා දැන් ඉස්සරට වඩා වහිනවලු. ඒ හින්දා දැන් ගස් වැල් වවන එක සීමා කරලා. ගොඩක් උස යන විශාල ගස් එහෙම වවන්නත් තහනම්ලු. පැය දෙක තුනක් එක දිගට වැස්සොත් පාරවල්, ෂොපින් මෝල් වල එහෙම වතුර පිරෙනවනෙ. ඒ කාලෙට ඒවයෙ බඩු මුට්ටු පීනනව එහෙම දැක බලාගන්න පුලුවනි.

මේ අවුරුද්දෙනම් තාම වහින්න හිතුවා විතරයි. දෙසැම්බර් වල එහෙම තමයි වැඩියෙන් වහින්නෙ. වැහැලා නන්නත්තාර වෙච්චි පින්තූර ටිකකුත් බලන්නකො.






                                       පොඩි එවුන්ට නම් වැහැපුවම අවුරුදු. අපි වගේමයි. ;)




මේ පින්තූර නම් මේ අවුරුද්දෙ ඒව නෙමෙයි.

අන්න පෝස්ටුව ලියලා ඉවර වෙන්නත් කලින් වැස්ස පායල අව්වත් වැටිලා.. :(

3 comments:

  1. //අන්න පෝස්ටුව ලියලා ඉවර වෙන්නත් කලින් වැස්ස පායල අව්වත් වැටිලා.. :(// hitha gatha hari ma ikmanata liyala thiyanava kiyala :D

    ReplyDelete
  2. අපරාදේ මේක ලිය ලිය හිටියේ.. වැස්සට එළියට පැන්නනම් ඉවරයි..

    ReplyDelete
  3. ගහක් කොළක් දකින්නේ නැතු ව ඒ මිනිස්සු කොහොම ඉන්නව ද මන්දා! මට නං පිස්සු හැදෙයි ඔහොම ඉන්න වු‍ණොත් :(

    ReplyDelete