Friday 22 July 2011

සමාවෙන්න මගෙ තාත්තෙ..

පුංචිම පුංචි දවස් වල
මම කරපු දඟකාරකම් වලට
කට කොණින් සිනා වී නුඹ
මගේ හිස අතගාපු හැටි
මතකයි මට මගෙ තාත්තෙ...
පාසල් ගොස් මා එනතුරු
මග බලාන සිටියෙ නුඹ
මගෙ ජයග්‍රහණ දැක
ආඩම්බරව හිනැහුණෙ නුඹ
මතකයි මගෙ තාත්තෙ...
හිතුවක්කාර යව්වනියට
අවවාද දුන්න මුත්
නොතකා ඇය ගිය ගමනෙදි
මාලිගා කඩන් වැටී ඈ හඬනකොට
දුක හිතුනිද නුඹට මගෙ තාත්තෙ...
නුඹ දුන්නු ඔවදන් වල අරුත
වැටහෙන්නෙ මට අදයි
හිතුවක්කාරියක ලෙස එදා
නුඹ වෙතට කඳුළු ගෙන්නුවට
සමාවෙන්න මට අද
මගෙ රත්තරන් තාත්තෙ...

5 comments:

  1. ආයුබෝවන් සහෝදරී... අළුතින් නේද පටන් ගත්තේ. සින්ඩිකේටරකට බ්ලොග් එක දාගත්තේ නැද්ද ? කොහොම වුනත් කමක් නෑ. වැඩේ කරගෙන යන්න. උදව්වක් වුවමනා නම් කියන්න.

    කවි ලියන්න කැමතියි නේද ? මෙන්න එකතු වෙන්න තැන
    කවිමුතුමල්

    බලන්න කවුරුත් නෑ කියලා සැලෙන්න එපා. කොහොම හරි තැනක් හදාගමු... බ්ලොග් අවකාශේ දිදුලන කවි තාරකාවක් වෙන්න මගේ සුභපැතුම්... ජයවේවා...!!!

    ReplyDelete
  2. ආයුබෝවන් සහෝදරයා..!! ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වුනාට. අලුත් මූනක් followers list එකේ ඉන්නවා දැකපුවම හරි සතුටුයි. සින්ඩි එකට නම් දැම්මා. ඒත් තාම publish උනේ නෑ.

    කවි ලියන්න ආසයි. thanx link එකට . warm wish එකටත් thanx. දිගටම මාත් එක්ක ඉඳීවි කියලා හිතනවා... :)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කවියෙන් කියන්නෙ සංවේදි කථාවක් වගේ ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  5. ම්ම්ම්.. ඔව්.. ජීවිතේට කිට්ටුම කතාවක්.. ගොඩාක් ස්තූතියි.

    ReplyDelete