මිහිරි රස යැයි ආදරය
සිතා මම රැවටුන කලෙක
බදා ගත්තෙමි දෝත පා
ආදරය යනු සැනසුම සිතා
ලදිමි නොලදිමි වරින් වර
මම හීන මැව් ආදරය
වරෙක සියුමැලි වරෙක වියරු වෙන
නොවේමයි එහි සැනසුමක්
ආවෝය, ගියෝය සමහරුන්
සිටියේය ළඟ රැඳී සමහරෙක්
සීරුවට ටිකක් දුර හිතුවොතින්
මට මාව නැති කළේ නම් ඔවුන්
කඳුළකට නැත තේරුමක්
සුසුමකට නැත වැටහුමක්
ජීවිතය මං මුළා කරවන
ආදරය පුහු මායාවක්
මට මාව නැති කලේ මා මය..
ReplyDeleteආදරය වෙලාවකටනම් මායවක්ම තමයි..
ReplyDelete