Friday 1 July 2011

සිකුරු තරුව නුඹ...

පුරා සඳ ළඟම...
සඳේ තනියට ළඟින් ඉන්නා
සිකුරු තරුව නුඹ...
නොයන් නුඹ දුර ඈත...
හිඳින්න සඳ ළඟම
දිලිසි දිලිසී හැම රෑම...
සඳට පෙනෙන මානයේම....

2 comments:

  1. හ්ම්ම්.. තවත් අලුත් කවි කාරියක් අපේ බ්ලොග් අවකාශෙට ඇවිත්..මුල්ම පොස්ට් එක කවුරුත්ම කියවල නැද්ද? බය වෙන්න, දුක් වෙන්න එපා.අපිත් ඉස්සර ආපුම කාලෙ ඔහොම තමයි.පොස්ට් එකක් දාල Comment එකක් එනකල් බලාගෙන ඉන්නවා දවස් ගනන්.දිගටම ලියන්න...ලියන ඒවා ලස්සන වෙන්න ලස්සන වෙන්න කට්ටිය ඒවි.කවි, නිසදැස් වලට විතරක් සීමා වෙන්න එපා.එතනින් එහා තියන ලෝකෙ ගැනත් ටික ටික හරි ලියන්න ගන්න..අපි උදවු කරන්නම්.සින්ඩි වලට එකතු වෙන්න.

    ජය වේවා !!

    ReplyDelete
  2. ගොඩාක් ස්තූති සිහින මගේ කවි බලන්න ආවට... බ්ලොග් එකක් පටන් ගන්න ගොඩාක් කල් ඉඳන් ආසාවක් තිබුණා. ඒත් English sign up page එකක් හොයාගන්න බැරුව අසරණ වෙලා හිටියෙ. ඒ මං අරාබි රටක ඉන්න නිසා. අන්තිමට කොහොමහරි කවියක් පෝස්ට් කළාට පස්සෙ ඒක කියවන්න කෙනෙක් නැති නිසා තවත් දුක හිතුනා. ඔයාගෙ Comment එක දැකපුවම කියාගන්න බැරි තරම් සතුටුයි. ඔයාගෙ "සිහිනයක්ම විය ඒ සොඳුරු දින " මං කියෙව්වා... ඉතිරි ටික කෝ..?
    ආයිමත් කියන්නෙ ගොඩාක් ස්තූති...!!!

    ReplyDelete