Sunday 24 November 2013

ජීවිතය නැවතුනා

වස්සාන මල් පිපුණු
නිල් පාට අහස යට
මං මවපු හීන පොදි
සුණු වී ගියා...

හිරු ගිලුණු අතීතෙක,
මං පතපු අනාගත පැතුම්
මිලින වී නෙතු ඉමේ
මියැදී ගියා...

සෙනෙහසේ සුව සොයා
ඉගිල ගිය දෑත් තටු
රිදී රිදී වියපත්ව
එක්තැන්ව ගොලුවුනා...

කඳුළක්ද සුසුමක්ද
ජීවිතය මායාවක්ද
හති වැටී මිරිඟුවේ
මම ඔහේ නැවතුනා...

7 comments:

  1. සුණු විසුණු වෙලා ගිය
    නුඹ මවපු හීන පොදි
    මතක නැති කරන්නට
    දැන් කාලේ එළැඹිලා ...

    ගෙවී ගිය අතීතය
    සිහි කරන් තැවෙනු ඇයි
    අලුත් හීනයක් වෙත
    යන්න සුභ පතමි මා ...

    ReplyDelete
    Replies
    1. එදා මම දුටු හීන
      මුලු දිවිය කරගත් පවට
      ගතේ පණ ඇති නුමුදු අද
      ආත්මය මියැදිලා...

      Delete
  2. නැවතුණු තැනින් පටන් ගමු!

    ReplyDelete
  3. නැවතුන තැනින් අළුත් විදිහකට පටන් ගන්න එකයි වටින්නේ..

    ReplyDelete
  4. නැවතිලා හරියන්නේ නැහැ ඉස්සරහට ගියොත් තමයි වටින්නේ

    ReplyDelete
  5. මේක කවියකට වඩා සින්දුවක් වාගේ.. ලස්සනයි. මාත් ඔන්න ඔහේ කාල ගියා.. (කාලා කිව්වේ 'රසවිඳලා') :-)

    ReplyDelete