වස්සාන මල් පිපුණු
නිල් පාට අහස යට
මං මවපු හීන පොදි
සුණු වී ගියා...
හිරු ගිලුණු අතීතෙක,
මං පතපු අනාගත පැතුම්
මිලින වී නෙතු ඉමේ
මියැදී ගියා...
සෙනෙහසේ සුව සොයා
ඉගිල ගිය දෑත් තටු
රිදී රිදී වියපත්ව
එක්තැන්ව ගොලුවුනා...
කඳුළක්ද සුසුමක්ද
ජීවිතය මායාවක්ද
හති වැටී මිරිඟුවේ
මම ඔහේ නැවතුනා...
සුණු විසුණු වෙලා ගිය
ReplyDeleteනුඹ මවපු හීන පොදි
මතක නැති කරන්නට
දැන් කාලේ එළැඹිලා ...
ගෙවී ගිය අතීතය
සිහි කරන් තැවෙනු ඇයි
අලුත් හීනයක් වෙත
යන්න සුභ පතමි මා ...
එදා මම දුටු හීන
Deleteමුලු දිවිය කරගත් පවට
ගතේ පණ ඇති නුමුදු අද
ආත්මය මියැදිලා...
නැවතුණු තැනින් පටන් ගමු!
ReplyDeleteට්රයි කරමු... :)
Deleteනැවතුන තැනින් අළුත් විදිහකට පටන් ගන්න එකයි වටින්නේ..
ReplyDeleteනැවතිලා හරියන්නේ නැහැ ඉස්සරහට ගියොත් තමයි වටින්නේ
ReplyDeleteමේක කවියකට වඩා සින්දුවක් වාගේ.. ලස්සනයි. මාත් ඔන්න ඔහේ කාල ගියා.. (කාලා කිව්වේ 'රසවිඳලා') :-)
ReplyDelete